Highlights
Loading...

පුවත් ලියන්නේ කෙසේද ? සරළ මග පෙන්වීමක්


පුවත් ලිවීම ප්‍රායෝගිකව අසීරු නොවේ: මෙන්න එ් සඳහා ඉතා  සරළ මග පෙන්වීමක්. සෑම කෙනෙකුටම විශේෂඥයකු විය නොහැක. නමුත් පහත උපදෙස් අනුගමනය කරනවා නම් ඔබට ඕනෑවට වඩා මානසික ආතතියකින් තොරව ඵලදායී පුවත් ලිවීමට හැකි වනු ඇත.

පළමුව ඔබ මූලික කාරණා 5 ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
කවුද?
කුමක්ද ?
කොහේද?
කවදාද?
මන්ද?
කෙසේද?

ඕනෑම හොඳ ප්‍රවෘත්තියක ඉහත ප්‍රශ්න සඳහා පිළිතුරු තිබිය යුතුය. එම ප්‍රශ්න සඳහා පිළිතුරු පළමුව ඔබේ මනසට ගැනීමෙන් පසු ලිවිය යුතු ප්‍රවෘත්තිය සවභාවයෙන්ම ඔබේ මනසේ ඇඳෙනු ඇත. උදාහරණයක් වශයෙන් ඔබ ක්‍රීඩා තරඟයක් පිළිබඳ ආවරණය කරන්නේ යයි සිතන්න.

කවුද ? යනු
මෙම තණ්ඩායම කවුද ? ප්‍රම්ඛ ක්‍රීඩකයන් කවුද ? පුහුණුකරු කවුද? යන්න දැනගත යුතුය.
කුමක්ද ? යනු
මෙම තරඟය කුමක්ද ? යන්න
කොහෙද ? යනු
තරඟය පැවැත්වෙන්නේ කොහෙද ? යන්න
කවදාද ? යනු
මෙම තරඟය පැවැත්වේනනේ කවදාද ? කීයටද ? වැනි තොරතුරු
මන්ද ?
මෙම තරඟය පවුත්වනු ලබන්නේ කුමක් අරමුණු කරගෙනද යන්න
කෙසේද ?
මෙම තරඟය සඳහා සහභාගී වන්නේ කෙසේද ? යන්න


එමෙන්ම මෙම පුවත ඉදිරිපත් කරන්නේ කා සඳහා ද යන්න ඉතාමත් වැදගත් වේ. එ් අනුව ඉදිරිපත් කරණ තොරතුරු සවභාවය තීරණය කළ යුතුය.  තවද දේශීය හෝ ප්‍රාදේ්‍ශීය වශයෙන් නැතිනම් ආගමික හෝ සංස්කෘතික වශයෙන් ඇති සීමාවන් පිළිබව අවබෝධයක් රචකයාට තිබිය යුතුය. 

ලිවීමට පෙර ඉහත කාරණ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් රචකයා විසින් සිදුකළ යුතුය. යොදන මාතෘකාව අන් සියල්ල අභිබවමින් පුමුඛ වෙයි. පාඨකයා ලිපිය කියවීම යොමු වීම හෝ නොවීම පිළිබඳ කඩයිම එයයි.

ආරම්භය ඉතාමත් වැදගත් වේ. පළමු ඡේදය තුල සමස්ත පුවත පිළිබඳ හොඳ පෙර දැක්මක් ඇතිකරගැනීමට හැකි තොරතුරු ගැබ්වී තිබිය යුතුය. එ් අනුව ඉතිරි කොටස් වර්ධනය කරගත යුතුය.

පුවත් ඉදිරිපත් කරන මාධ්‍ය අනුව ඇති ඉඩකඩ සීමා වනු ඇත. එබැවින් සංශිප්තව රචනා කිරීමත් සංස්කාරක වරයා විසින් ඇතැම් කොටස් ඉවත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රවෘත්ති රචනය සකස්කරගත යුතුය.

ඔබ භාවිතා කරන මාධ්‍ය වුවත් ඉහත කාරණා ඔබට පිටිවහලක් වනු ඇත.

0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Senior - All Right Reserved
Designed by - Curious Members -
Back To Top
1