බස්නාහිර පළාත් නේවාසික කෙටි නාට්‍ය වැඩමුළුව 2016
නාට්‍ය ක්ෂේත්‍රයට නව ශිල්පීන් හා සහෘදයින් පිරිසක්ද බිහිකිරීමේ අරමුණින්
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් කෙටි
නාට්‍ය වැඩමුළුවක් සහ තරගාවලියක් පසුගිදා පැවැත්වීය.
-
-
-
මේ සඳහා කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක ආරවරණය වන පරදි නවක ශිල්පීන් තිහකට අදික පිරිසක් තෝරා ගැණුනු අතර පන්නිපිටිය පොල්වත්ත ක්‍රීඩා පාසලේදී සතියක් පුරා නේවාසිකව පැවති පුහුණු වැඩමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක වරුන් හා වරියන් ගණනාවක් සහභාගී විය.
මේ සඳහා කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක ආරවරණය වන පරදි නවක ශිල්පීන් තිහකට අදික පිරිසක් තෝරා ගැණුනු අතර පන්නිපිටිය පොල්වත්ත ක්‍රීඩා පාසලේදී සතියක් පුරා නේවාසිකව පැවති පුහුණු වැඩමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක වරුන් හා වරියන් ගණනාවක් සහභාගී විය.
-
-
පිටපත් රචනයේ සිට ක්‍රමිකව වර්ධනය වන ආයුරින් සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරදි වැඩමුළුව සැකසී තිබුණු අතර සෑම දිනකම උදෑසන ශාරීරික අභ්‍යාස මගින් ආරම්භ කර රාත්‍රී වන තුරුම වැඩමුළුව පැවැත්විණි.
-
-
දේශණ පමණක් නොව විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ද ලැබුණේ විශාල ඉඩකි. ඒ මගින් ඔවුන්ගේ නිවරදි අංග චලනයහන් හා භාව ප්‍රකාශනයන් සඳහා පන්නරයක් ලැබිණි.
-
-
අංග රචණය සඳහා ප්‍රායෝගික අත්දැකීම් ගණනාවක් ලබාගැනීමට ඔවුනට හැකියාව ලැබිණි.
-
-
ගිණිමැලය අසල එකිනෙකාග්‍ෙ දස්කම් විස්කම් ගෙනහැරපාමින් ගෙවා පහන් කළ රාත්‍රියට වඩා වැඩි සතුටක් අන් කවරකින් හෝ නොලැබූ බවට කිසිදු සැකයක් නැත.
-
-
සෑම රංග කාර්යයක් සඳහා ම සංගීතය හැසිරවූයේ ද ඔවුනොවුන් තුළින්ම මතුවූ තවත් දක්ෂයින් පිරිසකි.
-
-
සත් දිනක් පුරා පැවත මෙසේ අවසන් වූ මෙම නාට්‍ය වැඩමුළුවෙන් පසුව ඔවුනොවුන් තුළින් නිර්මාණය වූ කෙටි නාට්‍ය 7ක් ඇසුරින් මෙවර කෙටි නාට්‍ය උළෙල නොවැම්බර් මස පැවැත්විණි. එහිදී දක්ෂතා දැක්වූවන් සඳහා දෙසැම්බර් මස 05 පැවැත්වීමට නියමිත සම්මාන රාත්‍රියේදී සම්මාන ප්‍රදානයටත්, හොඳම නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත කිරීමටත් නියමිතය.
0 comments:
Post a Comment