කවිය - අ.පො.ස. (සා.පෙළ) සාහිත්‍ය සංග්‍රහයට නිර්මාණාත්මක සංගීත ප්රවේශයකි
අ.පො.ස. (සා.පෙළ) විභාගයට නියමිත සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන කවි පන්ති සංගීතය හා මුසු වූ සී.ඩී. තැටියකට නැංවීමට කොළඹ ශාන්ත මැත්ව් විද්‍යාලය කටයුතු කළ අතර, එම සී.ඩී. තැටිය එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ දි සිදු කෙරිණි. එහිදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන් වෙත, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජයන්ත වික්‍රමනායක මැතිතුමා විසින් මුල්ම සී.ඩී. තැටිය පිළිගැන්වූ අවස්ථාව, ශාන්ත මැතිව් විද්‍යාලයේ විදුහල්පති උමේෂ් වික්‍රමරත්න මහතා ද පසෙකින් සිටියි.
.................................................
විදු ඇසින්
සිංහල සාහිත්‍ය ළමා පරපුර වෙත ගෙනයෑමේ සත්කාර්ය උදෙසා තෝරාගත් පද්‍ය වලට සංගීතය මුසුකර තැනූ 'කවිය' සංයුක්ත තැටිය ශ්‍රවණය කළ මම මහත් රසයක් වින්දෙමි. සැබැවින්ම මෙය අනාගත පරම්පරාවට ලබාදුන් දායාදයක් ලෙස දකිමි.
පුදුම සහගත වුවත් මා මෙහිලා දැන් අනාවරණය කරන කරුණ පරම ඇත්තකි. පසුගිය සියවස අන්තයේදී මාස කිහිපයක කාලයක් තිස්සේ එවකට කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වූ සෞන්දර්ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමේ වරම මට ලැබිණි. ඒ සෞන්දර්ය ආයතනය යථා කාලයේදී අපේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට රූපාන්තරණය විය. ඒ කාල වකවානුවේ දී සිදු වූ එක් ආශ්චර්යවත් සිද්ධියක් මගේ මතකයේ ගබඩා වී තිබේ. ඒ රංජිත් ප්‍රේමවීර සංගීත වේදියාගේ මංගල ආගමනයේ ආරම්භයයි. ඒ ආයතනයේ එවකට සිටි සිසු සිසුවියන් සියගණනකින් අධ්‍යක්ෂකවරයා විසින් සොයාගෙස් දැන හඳුනාගත් එකම සිසුවා වූයේත් රංජිත් ප්රේමවීරය. එසේ වූයේ අනාගතයේදී සිංහල සංගීත අඹරේ සුදිලෙන පුන් සඳක සේයා ලකුණු ඹහු කෙරෙන් මා හඳුනාගත් බැවිනි.

උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයට නතු වී තිබූ සංගීත සම්ප්රදාය අභිභවා යන ව්ශ්වීය ගමනකට සහජයෙන්ම යොමු වූ රංජිත් සිය ගුරු දේවයා වශයෙන් සමීපවූයේ සිංහල සංගීතයේ අනාගතය නිර්මාණය කළ නියමුවා වූ ප්‍රේමසිරි කේමදාස සූරීන්ටය. සිතා මතා ක්‍රමානුකූලව ඒ සම්ප්රදාය ප්‍රගුණ කර සිටින තරුණ අතලොස්සක් සංගීතවේදීන් අතර ප්‍රවීණයා රංජිත් ප්‍රේමවීර සංගීතවේදියා බව හද පුරා මුව පුරා ලොවට පවසමි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා
.................................................
සාහිත්‍ය කලාව පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට මගහසර විවරකරයි. පාසල් අධ්‍යාපනයේ සිටම ඒ සඳහා නැඹුරු කිරීමට ගන්නා ප්රයත්නයට අත්වැලක් වෙමින්, අ.පො.ස. (සා.පෙළ) 10 හා 11 ශ්‍රේණි සඳහා නියමිත සාහිත්‍ය සංග්‍රහයේ ඇති කාව්‍ය පංති සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා රංජිත් ප්රේමවීරයන් ගේ සංගීත සුසංයෝගයෙන් නිර්මාණය කර ඇත. කාව්‍ය රසවිඳීමට පාඩම් කිරීමට මෙමඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවෙයි.
'කවිය' සංයුක්ත තැටිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් ප්‍රකාශ කළේ "සිංහල සාහිත්‍ය ළමා පරපුර වෙත ගෙන යෑමේ සත්කාර්ය උදෙසා තෝරාගත් පද්‍ය වලට සංගීතය මුසුකර තැනූ 'කවිය' සංයුත්ත තැටිය ශ්‍රවණය කළ මම මහත් රසයක් වින්දෙමි. සැබවින්ම මෙය අනාගත පරම්පරාවට ලබාදුන් දායාදයක් ලෙස දකිමි"යනුවෙනි.
සාහිත්‍ය සංග්‍රහයේ ඇති ගුත්තිල කාව්‍යයේ ගුත්තිල වෙණ නද, හානා හීය පානා අඬහැරෙන් දැනේ ජන කාව්‍ය, එස්. මහින්ද හිමියන්ගේ මුනි සිරිපා සිඹිමිනිනේ, එච්. එම්. කුඩලිගම සූරීන්ග් ගංගාවේ සංගීතය, වීදාගම මෛත්‍රී හිමියන්ගේ හංස සංදේශයේ කෑරගල වැණුම, තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ සැළලිහිණි සංදේශයේ මග විසිතුරු වර්ණනයද, ජන කවි විශේෂයක් වූ කුරක්කන් කවි මෙම තැටිය තුළින් මනහර ලෙසින් ශ්‍රවනය කළ හැක
සාහිත්‍ය විචාරයට කාව්‍ය මතකය ඉතා වැදගත් වෙයි. ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ රුචිකත්වයට ගැලපෙන ලෙසින් නිර්මාණය කර ඇති මෙම සංයුක්ත තැටිය සියලු දෙනාටම එකසේ රස විඳිය හැකි නිර්මාණයකි.
උමේෂ් වික්‍රමරත්න
විදුහල්පති
0 comments:
Post a Comment