Highlights
Loading...

  • Events
  • Sports
  • Songs
  • Hide and See

<i></i>



Recent News

බස්නාහිර පළාත් නේවාසික කෙටි නාට්‍ය වැඩමුළුව 2016

බස්නාහිර පළාත් නේවාසික කෙටි නාට්‍ය වැඩමුළුව 2016


නාට්‍ය ක්ෂේත්‍රයට නව ශිල්පීන් හා සහෘදයින් පිරිසක්ද බිහිකිරීමේ අරමුණින් බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් කෙටි නාට්‍ය වැඩමුළුවක් සහ තරගාවලියක් පසුගිදා පැවැත්වීය.
-
-
මේ සඳහා කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක ආරවරණය වන පරදි  නවක ශිල්පීන් තිහකට අදික පිරිසක් තෝරා ගැණුනු අතර පන්නිපිටිය පොල්වත්ත ක්‍රීඩා පාසලේදී සතියක් පුරා නේවාසිකව පැවති පුහුණු වැඩමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක වරුන් හා වරියන් ගණනාවක් සහභාගී විය.  
-
-
පිටපත් රචනයේ සිට ක්‍රමිකව වර්ධනය වන ආයුරින් සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරදි වැඩමුළුව සැකසී තිබුණු අතර සෑම දිනකම උදෑසන ශාරීරික අභ්‍යාස මගින් ආරම්භ කර රාත්‍රී වන තුරුම වැඩමුළුව පැවැත්විණි. 
-
-
දේශණ පමණක් නොව විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ද ලැබුණේ විශාල ඉඩකි. ඒ මගින් ඔවුන්ගේ නිවරදි අංග චලනයහන් හා භාව ප්‍රකාශනයන් සඳහා පන්නරයක් ලැබිණි.
-
-
අංග රචණය සඳහා ප්‍රායෝගික අත්දැකීම් ගණනාවක් ලබාගැනීමට ඔවුනට හැකියාව ලැබිණි.
-
-
ගිණිමැලය අසල එකිනෙකාග්‍ෙ දස්කම් විස්කම් ගෙනහැරපාමින් ගෙවා පහන් කළ රාත්‍රියට වඩා වැඩි සතුටක් අන් කවරකින් හෝ නොලැබූ බවට කිසිදු සැකයක් නැත.
-
-
සෑම රංග කාර්යයක් සඳහා ම සංගීතය හැසිරවූයේ ද ඔවුනොවුන් තුළින්ම මතුවූ තවත් දක්ෂයින් පිරිසකි. 
-
-
සත් දිනක් පුරා පැවත මෙසේ අවසන් වූ මෙම නාට්‍ය වැඩමුළුවෙන් පසුව ඔවුනොවුන් තුළින් නිර්මාණය වූ කෙටි නාට්‍ය 7ක් ඇසුරින් මෙවර කෙටි නාට්‍ය උළෙල නොවැම්බර් මස පැවැත්විණි.  එහිදී දක්ෂතා දැක්වූවන් සඳහා දෙසැම්බර් මස 05 පැවැත්වීමට නියමිත සම්මාන රාත්‍රියේදී සම්මාන ප්‍රදානයටත්, හොඳම නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත කිරීමටත් නියමිතය.
හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2016

හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2016

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහේාත්සවය මෙවර ද උත්කර්ෂවත් අන්දමින් 2016.09.27 වන දින පෙ. ව. 9.00 සිට ප.ව. 12 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

දේශීය සංස්කෘතියේ වියැකී යන සඳැස්, නිසදැස්, කාව්‍ය ක්ෂේත්‍රය තුළින් සාහිත්‍ය රසාස්වාදයක් සහෘද සිත් සතන් තුල ජනිත කරවීමේ අරමුණින් කාව්‍ය කතිකාවතක් පැවැත්වීමට අදහස් කර ඇති අතර ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රහකයින් සඳහා  ත්‍යාග හා සහතිකපත් ලබාදීම ද මෙම උත්සවයේදී සිදු කිරීමට නියමිතය.

තවද සාහිත්‍ය කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කොට්ඨාශයේ කලාකරුවන් ගරු සම්මානයනේ ඇගයීම ද මෙහිදී සිදුකෙරේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 0716566795 ඔස්සේ සුදීමා ගුණසේකර (සංස්කෘතික සංවර්ධන නිලධාරිනී) මහත්මිය මගින් දැනගැනීමට හැකිය.
ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැගීමට කාටූන් චිත්‍ර තරඟාවලියක්

ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැගීමට කාටූන් චිත්‍ර තරඟාවලියක්



වාර්ගික හා අාගමික අනන්‍යතාවය අගය කරමු - එකම රටක් එකම දැයක් ගොඩනගමු

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, සමස්ත ලංකා චිත කලා  වෘත්තිකයන්ගේ සංගමය සමග එ්කාබද්ධව කාටූන් චිත්‍ර තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් ෙකාට තිබේ. අංශ දෙකකින් යුත් මෙම තරඟය සඳහා කාටූන් නිර්මාණ ඉදිරිපත් කරණ ලෙසට අාරාධනා කරනු ලැබේ.

පාසැල් තරඟය සඳහා 10 වසර සිට 13 දක්වා පාසැල් සිසුන් හට සහ වීවෘත අංශය සඳහා පාසැල් නොයන වෙනත් ඔනෑම අයෙකුට සහභාගී විය හැකිය.

තරඟ කොන්දේසි සහ අනෙකුත් සියලු විස්තර පහත දැක්වෙන පෝස්ටරයෙහි දැක්වේ.


කවිය -  අ.පො.ස. (සා.පෙළ) සාහිත්‍ය සංග්‍රහයට නිර්මාණාත්මක සංගීත ප්‍රවේශයකි

කවිය - අ.පො.ස. (සා.පෙළ) සාහිත්‍ය සංග්‍රහයට නිර්මාණාත්මක සංගීත ප්‍රවේශයකි


අ.පො.ස. (සා.පෙළ) විභාගයට නියමිත සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන කවි පන්ති සංගීතය හා මුසු වූ සී.ඩී. තැටියකට නැංවීමට කොළඹ ශාන්ත මැත්ව් විද්‍යාලය කටයුතු කළ අතර, එම සී.ඩී. තැටිය එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ දි සිදු කෙරිණි. එහිදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන් වෙත, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජයන්ත වික්‍රමනායක මැතිතුමා විසින් මුල්ම සී.ඩී. තැටිය පිළිගැන්වූ අවස්ථාව, ශාන්ත මැතිව් විද්‍යාලයේ විදුහල්පති උමේෂ් වික්‍රමරත්න මහතා ද පසෙකින් සිටියි.

.................................................







විදු ඇසින්

සිංහල සාහිත්‍ය ළමා පරපුර වෙත ගෙනයෑමේ සත්කාර්ය උදෙසා තෝරාගත් පද්‍ය වලට සංගීතය මුසුකර තැනූ 'කවිය' සංයුක්ත තැටිය ශ්‍රවණය කළ මම මහත් රසයක් වින්දෙමි. සැබැවින්ම මෙය අනාගත පරම්පරාවට ලබාදුන් දායාදයක් ලෙස දකිමි.

පුදුම සහගත වුවත් මා මෙහිලා දැන් අනාවරණය කරන කරුණ පරම ඇත්තකි. පසුගිය සියවස අන්තයේදී මාස කිහිපයක කාලයක් තිස්සේ එවකට කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වූ සෞන්දර්ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමේ වරම මට ලැබිණි. ඒ සෞන්දර්ය ආයතනය යථා කාලයේදී අපේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට රූපාන්තරණය විය. ඒ කාල වකවානුවේ දී සිදු වූ එක් ආශ්චර්යවත් සිද්ධියක් මගේ මතකයේ ගබඩා වී තිබේ. ඒ රංජිත් ප්‍රේමවීර සංගීත වේදියාගේ මංගල ආගමනයේ ආරම්භයයි. ඒ ආයතනයේ එවකට සිටි සිසු සිසුවියන් සියගණනකින් අධ්‍යක්ෂකවරයා විසින් සොයාගෙස් දැන හඳුනාගත් එකම සිසුවා වූයේත් රංජිත් ප්‍රේමවීරය. එසේ වූයේ අනාගතයේදී සිංහල සංගීත අඹරේ සුදිලෙන පුන් සඳක සේයා ලකුණු ඹහු කෙරෙන් මා හඳුනාගත් බැවිනි.

උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයට නතු වී තිබූ සංගීත සම්ප්‍රදාය අභිභවා යන ව්ශ්වීය ගමනකට සහජයෙන්ම යොමු වූ රංජිත් සිය ගුරු දේවයා වශයෙන් සමීපවූයේ සිංහල සංගීතයේ අනාගතය නිර්මාණය කළ නියමුවා වූ ප්‍රේමසිරි කේමදාස සූරීන්ටය. සිතා මතා ක්‍රමානුකූලව ඒ සම්ප්‍රදාය ප්‍රගුණ කර සිටින තරුණ අතලොස්සක් සංගීතවේදීන් අතර ප්‍රවීණයා රංජිත් ප්‍රේමවීර සංගීතවේදියා බව හද පුරා මුව පුරා ලොවට පවසමි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

.................................................



සාහිත්‍ය කලාව පිරිපුන් මිනිසෙකු බිහිකිරීමට මගහසර විවරකරයි. පාසල් අධ්‍යාපනයේ සිටම ඒ සඳහා නැඹුරු කිරීමට ගන්නා ප්‍රයත්නයට අත්වැලක් වෙමින්, අ.පො.ස. (සා.පෙළ) 10 හා 11 ශ්‍රේණි සඳහා නියමිත සාහිත්‍ය සංග්‍රහයේ ඇති කාව්‍ය පංති සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා රංජිත් ප්‍රේමවීරයන් ගේ සංගීත සුසංයෝගයෙන් නිර්මාණය කර ඇත. කාව්‍ය රසවිඳීමට පාඩම් කිරීමට මෙමඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවෙයි.

'කවිය' සංයුක්ත තැටිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් ප්‍රකාශ කළේ "සිංහල සාහිත්‍ය ළමා පරපුර වෙත ගෙන යෑමේ සත්කාර්ය උදෙසා තෝරාගත් පද්‍ය වලට සංගීතය මුසුකර තැනූ 'කවිය' සංයුත්ත තැටිය ශ්‍රවණය කළ මම මහත් රසයක් වින්දෙමි. සැබවින්ම මෙය අනාගත පරම්පරාවට ලබාදුන් දායාදයක් ලෙස දකිමි"යනුවෙනි.

සාහිත්‍ය සංග්‍රහයේ ඇති ගුත්තිල කාව්‍යයේ ගුත්තිල වෙණ නද, හානා හීය පානා අඬහැරෙන් දැනේ ජන කාව්‍ය, එස්. මහින්ද හිමියන්ගේ මුනි සිරිපා සිඹිමිනිනේ, එච්. එම්. කුඩලිගම සූරීන්ග් ගංගාවේ සංගීතය, වීදාගම මෛත්‍රී හිමියන්ගේ හංස සංදේශයේ කෑරගල වැණුම, තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ සැළලිහිණි සංදේශයේ මග විසිතුරු වර්ණනයද, ජන කවි විශේෂයක් වූ කුරක්කන් කවි මෙම තැටිය තුළින් මනහර ලෙසින් ශ්‍රවනය කළ හැක

සාහිත්‍ය විචාරයට කාව්‍ය මතකය ඉතා වැදගත් වෙයි. ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ රුචිකත්වයට ගැලපෙන ලෙසින් නිර්මාණය කර ඇති මෙම සංයුක්ත තැටිය සියලු දෙනාටම එකසේ රස විඳිය හැකි නිර්මාණයකි.

උමේෂ් වික්‍රමරත්න
විදුහල්පති
සිරි නිවාසාරාම දහම් පාසල් උලෙළ  -  Sri Siriniwasarama Thegi Ulela  2015

සිරි නිවාසාරාම දහම් පාසල් උලෙළ - Sri Siriniwasarama Thegi Ulela 2015




පාදුක්ක, වටරැක, ශ්‍රී සිරිනිවාසාරාම දහම් පාසලේ වාර්ෂික ත්‍යාගප්‍රධනෝත්සවය 2015
Copyright © 2015 Curious NEWS Senior - All Right Reserved
Designed by - Curious Members -
Back To Top
1